ඇදුමරෝගය, රෝග ලක්ෂණ සහ සමහර සරල පරීක්ෂණ වලින් හඳුනාගත හැකිය. ඔබේ වෛද්‍යවරයාට බොහෝ විට එය හඳුනා ගැනීමට හැකි වනු ඇත, එසේත් නැත්නම් විශේෂඥවරයකු වෙත යොමු කළ හැකිය.

ඔබගේ වෛද්‍යවරයා හමුවීම

වෛද්‍යවරයා අසාවි:

  • ඔබට ඇති රෝග ලක්ෂණ මොනවාද
  • ඒවා ඇති වෙන්නේ කුමන වෙලාවටද? කොපමණ වාරයක්ද
  • මේවාට හේතුවක් පෙනෙනවාද
  • ඔබට එක්සිමා(eczema) හෝ අසාත්මිකතා වැනි තත්ත්ව ඇතිනම්, එසේ නැත්නම් මේ පිළිබද ඔබගේ පවුලේ ඉතිහාසයක් තිබේනම්

ඔබට ඇදුම රෝගය ඇතිද යන්න තහවුරු කිරීමට සමහර පරීක්ෂණ සිදුකිරීමට ඔවුන් ඔබට යෝජනා කරනු ඇත. මෙය සෑම විටම කුඩා දරුවන්ට පහසුවෙන් කළ නොහැකිය. එමනිසා ඔබේ දරුවන්ට පරීක්ෂාවන් සිදුකිරීමට ප්‍රමාණවත් වයසට පැමිණෙන තෙක් ඔවුන්ගේ රෝග ලක්ෂණ අඩු කර ගත හැකි දැයි බැලීමට ඇදුම ඉන්හේලරය ලබා දිය හැකිය.

ඇදුම සඳහා පරීක්ෂණ

ඇදුම රෝග නිර්ණය කිරීමට භාවිතා කරන ප්‍රධාන පරීක්ෂණ වන්නේ:

  • ෆිනෝ පරීක්ෂණය (FeNO test) - ඔබගේ පෙනහළුවල අසාත්මික තත්වයක් ඇති විට මෙම යන්ත්‍රයට ඔබ හුස්ම පිට කල විට එය අසාත්මික තත්වයට හේතු වූ ඔබගේ පෙනහළු වල ඇති නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රමාණය පෙන්වනු ලැබේ
  • ස්පයිරෝමෙට්‍ර් (Spirometry) - ඔබ මෙම යන්ත්‍රය තුලට වේගයෙන් හුස්ම පිටකරන විට ඔබට කොපමණ වේගයෙන් හුස්ම පිට කල හැකිද සහ ඔබගේ පෙනහළු ධාරිතාව ගණනය කරනු ලැබේ
  • උච්ච ප්‍රවාහ පරීක්ෂණය (Peak flow tests) - ඔබට කොපමණ වේගයකින් හුස්ම පිට කළහැකිද කියා මැනීමට මෙම අතේ ගෙනයාහැකි උපකරණය භාවිත කල හැක. සති කිහිපයක් කිහිප වතාවක් මෙම. පරීක්ෂණය කර ඔබගේ හුස්ම පිටකිරීමේ වේගයේ වෙනස්කම් සිදුවී ඇත්දැයි මැන ගත හැකිය

ඔබ ඇදුම රෝගය හඳුනා ගැනීමෙන් පසු අසාත්මිකතා මගින් ඔබේ රෝග ලක්ෂණ මතු විය හැකිදැයි බැලීමට ඔබට අසාත්මිකතා පරීක්ෂණ කල හැක .